සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.12.9. සඤ්ඤෝජන සුත්තං

1.12.9. කෙලෙස් බන්ධනය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, කෙලෙස් බන්ධනය ඇති කරවන දේත්, කෙලෙස් බන්ධනයත් ගැන කියා දෙන්නම්. එය සවන් යොමා අසන්න. කෙලෙස් බන්ධන ඇති කරවන දේ යනු කුමක්ද? කෙලෙස් බන්ධනය යනු කුමක්ද?

පින්වත් මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැදීම් හටගන්නා රූප තියෙනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ කෙලෙස් බන්ධන ඇති කරවන දෙයක් කියලයි. ඒ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම්, ඒක තමයි එතැන තියෙන කෙලෙස් බන්ධනය. පින්වත් මහණෙනි, කනෙන් දැනගත යුතු ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු ගන්ධ ….(පෙ)…. දිවෙන් දැනගත යුතු රස ….(පෙ)…. කයෙන් දැනගත යුතු පහස ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැදීම් හටගන්නා අරමුණු තියෙනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ කෙලෙස් බන්ධන ඇති කරවන දෙයක් කියලයි. ඒ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම්, ඒක තමයි එතැන තියෙන කෙලෙස් බන්ධනය.

සාදු! සාදු!! සාදු!!!

සඤ්ඤෝජන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-12-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M