සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.15.9. ඉන්ද්‍රිය සම්පන්න සුත්තං

1.15.9. ඉන්ද්‍රිය සම්පන්න භික්ෂුව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ……

එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනී, ‘ඉන්ද්‍රිය සම්පන්න කෙනා, ඉන්ද්‍රිය සම්පන්න කෙනා’ කියලා කියනවා. ස්වාමීනී, ඉන්ද්‍රිය සම්පන්න කෙනෙක් වෙන්නේ කවර කරුණු මත ද?”

පින්වත් භික්ෂුව, ඉදින් ඇස නැමැති ඉන්ද්‍රිය ගැන භික්ෂුවක් ඇතිවීම, නැතිවීම දකිමින් වාසය කරනවා නම්, ඇස නැමැති ඉන්ද්‍රිය ගැන සත්‍ය ස්වභාවයත් අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. කන නැමැති ඉන්ද්‍රිය ගැන ….(පෙ)…. නාසය නැමැති ඉන්ද්‍රිය ගැන ….(පෙ)…. දිව නැමැති ඉන්ද්‍රිය ගැන ….(පෙ)…. කය නැමැති ඉන්ද්‍රිය ගැන ….(පෙ)…. මනස නැමැති ඉන්ද්‍රිය ගැන භික්ෂුවක් ඇතිවීම, නැතිවීම දකිමින් වාසය කරනවා නම්, මනස නැමැති ඉන්ද්‍රිය ගැන සත්‍ය ස්වභාවයත් අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, නිවන පිණිස කළ යුතු දෙය කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා. පින්වත් මහණෙනි, ඔපමණකිනුයි භික්ෂුව ඉන්ද්‍රිය සම්පන්න කෙනෙක් වෙන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ඉන්ද්‍රිය සම්පන්න සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-15-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M