සැවැත් නුවර දී ය …..
මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් කරුණු අටක් හේතු වෙයි. කරුණු අටක් ප්‍රත්‍යය වෙයි. ඒ කවර කරුණු අටක් ද යත්;
1. මහණෙනි, මෙහිලා භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ ඇසුරු කොට වාසය කරයි. යමෙකු කෙරෙහි ඔහු තුළ තියුණු ලැජ්ජා භයක් පිහිටයි ද, ප්‍රේමය ත් ගෞරවය ත් පිහිටයි ද, එබඳු ගුරුතන්හිලා සැලකිය හැකි එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ඇසුරු කොට වාසය කරයි. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන පළමු කරුණ මෙය යි.
2. හෙතෙමේ ඒ ශාස්තෘන් වහන්සේ ඇසුරු කොට වාසය කරයි ද, යමෙකු කෙරෙහි ඔහු තුළ තියුණු ලැජ්ජා භයක් පිහිටයි ද, ප්‍රේමය ත් ගෞරවය ත් පිහිටයි ද, එබඳු ගුරුතන්හිලා සැලකිය හැකි එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ඇසුරු කොට වාසය කරයි ද, උන්වහන්සේලා කරා කලින් කල එළඹ ප්‍රශ්න කරයි. නැවත නැවත විමසයි. ‘ස්වාමීනී, මෙය කෙසේ ද? ස්වාමීනී, මෙහි අර්ථය කුමක් ද?’ වශයෙනි. එවිට ඒ ආයුෂ්මත්වරු ඔහුට වැසී ඇති දෙය විවෘත කරති. අප්‍රකට දේ ප්‍රකට කරති. නන් වැදෑරුම් සැක ඇතිවෙන ධර්මයන්හි සැකය දුරු කරති. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන දෙවන කරුණ මෙය යි.
3. හෙතෙමේ ඒ ධර්මය අසා දෙවැදෑරුම් විවේකයකින් යුක්ත වෙයි. කාය විවේකයෙනුත්, චිත්ත විවේකයෙනුත් ය. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන තුන්වෙනි කරුණ මෙය යි.
4. සිල්වත් ද වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන සිව්වෙනි කරුණ මෙය යි.
5. ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමෙකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයෙකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන පස්වෙනි කරුණ මෙය යි.
6. පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන සයවෙනි කරුණ මෙය යි.
7. සංඝයා අතරට ගිය කල්හී නා නා කියුම් නැත්තේ වෙයි. තිරිසන් කථාවෙහි නොයෙදුණේ වෙයි. තමන් හෝ ධර්මය කියයි. අන් කෙනෙකුට හෝ දහම් දෙසීමට ඇරයුම් කරයි. ආර්ය වූ නිශ්ශබ්දතාවය හෝ ඉක්මවා නොයයි. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන සත්වෙනි කරුණ මෙය යි.
8. පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ව හටගැනීම ත්, නැතිවීම ත් නුවණින් දකිමින් වාසය කරයි. ‘රූපය මෙසේ ය. රූපයේ හටගැනීම මෙසේ ය. රූපයේ නැතිවීම මෙසේ ය. විඳීම මෙසේ ය. විඳීමේ හටගැනීම මෙසේ ය. විඳීම නැති වන්නේ මෙසේ ය. සංඥාව මෙසේ ය. ….(පෙ)…. සංස්කාර මෙසේ ය. ….(පෙ)…. විඤ්ඤාණය මෙසේ ය. විඤ්ඤාණය හටගන්නේ මෙසේ ය. විඤ්ඤාණය නැති වන්නේ මෙසේ ය’ යනුවෙනි. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන අටවෙනි කරුණ මෙය යි.
සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඒ භික්ෂුවට මෙසේ සම්භාවනා කරති. ‘මේ ආයුෂ්මතුන් වනාහී ශාස්තෘන් වහන්සේ ඇසුරු කොට වාසය කරයි. යමෙකු කෙරෙහි ඔහු තුළ තියුණු ලැජ්ජා භයක් පිහිටයි ද, ප්‍රේමය ත් ගෞරවය ත් පිහිටයි ද, එබඳු ගුරුතන්හිලා සැලකිය හැකි එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ඇසුරු කොට වාසය කරයි. ඒකාන්තයෙන් මේ ආයුෂ්මතුන් දත යුත්ත දනියි. දැක්ක යුත්ත දකියි’ වශයෙනි. මේ ධර්මය ත් ප්‍රිය බව පිණිස, ගරු බව පිණිස, සම්භාවනාව පිණිස, ශ්‍රමණ ධර්මය පිණිස, ඒකීය භාවය පිණිස පවතියි.
මේ ආයුෂ්මතුන් ඒ ශාස්තෘන් වහන්සේ ඇසුරු කොට වාසය කරයි ද, යමෙකු කෙරෙහි ඔහු තුළ තියුණු ලැජ්ජා භයක් පිහිටයි ද, ප්‍රේමය ත් ගෞරවය ත් පිහිටයි ද, එබඳු ගුරුතන්හිලා සැලකිය හැකි එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ඇසුරු කොට වාසය කරයි ද, උන්වහන්සේලා කරා කලින් කල එළඹ ප්‍රශ්න කරයි. නැවත නැවත විමසයි. ‘ස්වාමීනී, මෙය කෙසේ ද? ස්වාමීනී, මෙහි අර්ථය කුමක් ද?’ වශයෙනි. එවිට ඒ ආයුෂ්මත්වරු ඔහුට වැසී ඇති දෙය විවෘත කරති. අප්‍රකට දේ ප්‍රකට කරති. නන් වැදෑරුම් සැක ඇතිවෙන ධර්මයන්හි සැකය දුරු කරති. ඒකාන්තයෙන් මේ ආයුෂ්මතුන් දත යුත්ත දනියි. දැක්ක යුත්ත දකියි’ වශයෙනි. මේ ධර්මය ත් ප්‍රිය බව පිණිස, ගරු බව පිණිස, සම්භාවනාව පිණිස, ශ්‍රමණ ධර්මය පිණිස, ඒකීය භාවය පිණිස පවතියි.
මේ ආයුෂ්මතුන් ඒ ධර්මය අසා දෙවැදෑරුම් විවේකයකින් යුක්ත වෙයි. කාය විවේකයෙනුත්, චිත්ත විවේකයෙනුත් ය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මතුන් දත යුත්ත දනියි. දැක්ක යුත්ත දකියි’ වශයෙනි. මේ ධර්මය ත් ප්‍රිය බව පිණිස, ගරු බව පිණිස, සම්භාවනාව පිණිස, ශ්‍රමණ ධර්මය පිණිස, ඒකීය භාවය පිණිස පවතියි.
මේ ආයුෂ්මතුන් සිල්වත් ද වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. ඒකාන්තයෙන් මේ ආයුෂ්මතුන් දත යුත්ත දනියි. දැක්ක යුත්ත දකියි’ වශයෙනි. මේ ධර්මය ත් ප්‍රිය බව පිණිස, ගරු බව පිණිස, සම්භාවනාව පිණිස, ශ්‍රමණ ධර්මය පිණිස, ඒකීය භාවය පිණිස පවතියි.
මේ ආයුෂ්මතුන් ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමෙකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයෙකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මතුන් දත යුත්ත දනියි. දැක්ක යුත්ත දකියි’ වශයෙනි. මේ ධර්මය ත් ප්‍රිය බව පිණිස, ගරු බව පිණිස, සම්භාවනාව පිණිස, ශ්‍රමණ ධර්මය පිණිස, ඒකීය භාවය පිණිස පවතියි.
මේ ආයුෂ්මතුන් පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. ඒකාන්තයෙන් මේ ආයුෂ්මතුන් දත යුත්ත දනියි. දැක්ක යුත්ත දකියි’ වශයෙනි. මේ ධර්මය ත් ප්‍රිය බව පිණිස, ගරු බව පිණිස, සම්භාවනාව පිණිස, ශ්‍රමණ ධර්මය පිණිස, ඒකීය භාවය පිණිස පවතියි.
මේ ආයුෂ්මතුන් සංඝයා අතරට ගිය කල්හී නා නා කියුම් නැත්තේ වෙයි. තිරිසන් කථාවෙහි නොයෙදුණේ වෙයි. තමන් හෝ ධර්මය කියයි. අන් කෙනෙකුට හෝ දහම් දෙසීමට ඇරයුම් කරයි. ආර්ය වූ නිශ්ශබ්දතාවය හෝ ඉක්මවා නොයයි. ඒකාන්තයෙන් මේ ආයුෂ්මතුන් දත යුත්ත දනියි. දැක්ක යුත්ත දකියි’ වශයෙනි. මේ ධර්මය ත් ප්‍රිය බව පිණිස, ගරු බව පිණිස, සම්භාවනාව පිණිස, ශ්‍රමණ ධර්මය පිණිස, ඒකීය භාවය පිණිස පවතියි.
මේ ආයුෂ්මතුන් පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ව හටගැනීම ත්, නැතිවීම ත් නුවණින් දකිමින් වාසය කරයි. ‘රූපය මෙසේ ය. රූපයේ හටගැනීම මෙසේ ය. රූපයේ නැතිවීම මෙසේ ය. විඳීම මෙසේ ය. විඳීමේ හටගැනීම මෙසේ ය. විඳීම නැති වන්නේ මෙසේ ය. සංඥාව මෙසේ ය. ….(පෙ)…. සංස්කාර මෙසේ ය. ….(පෙ)…. විඤ්ඤාණය මෙසේ ය. විඤ්ඤාණය හටගන්නේ මෙසේ ය. විඤ්ඤාණය නැති වන්නේ මෙසේ ය’ යනුවෙනි. ඒකාන්තයෙන් මේ ආයුෂ්මතුන් දත යුත්ත දනියි. දැක්ක යුත්ත දකියි’ වශයෙනි. මේ ධර්මය ත් ප්‍රිය බව පිණිස, ගරු බව පිණිස, සම්භාවනාව පිණිස, ශ්‍රමණ ධර්මය පිණිස, ඒකීය භාවය පිණිස පවතියි.
මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් මේ අට කරුණ හේතු වෙයි, මේ අට කරුණ ප්‍රත්‍යය වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ආදිබ්‍රහ්මචරිය පඤ්ඤා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M